දේශීය පුවත්

මහනුවර නගරයේ දළදා මාළිගය සංකීර්ණය තුළ පිහිටා ඇති මහනුවර ඉපැරණී රජ මාළිගය සංරක්ෂණය කිරීම, පුරා විද්‍යා කෞතුකාගාරය නවීකරණය කිරීම ඇතුලු සංරක්ෂණ වැඩසටහන් කිහිපයක් සදහා ඇමෙරිකානු රජය මෙරටට රුපියල් පන් කෝටි විසි ලක්ෂයකට වැඩි මුදල් ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

මහනුවර නගරයේ ඇති මෙම ‌ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය දිරි ගැන්වීමට, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමටත් දායක විමට ඇමෙරිකාව අපේක්ෂ කරන බව ද තානාපති කාර්යාලය සදහන් කරයි

සංස්කෘතික සංරක්ෂණය සදහා වන එක්සත් ජනපද අරමුදල 2001 වසරේ සිට රජගල බෞද්ධ වන සෙනසුන සංරක්ෂණය, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ බෞද්ධ, හින්දු සහ අනෙකුත් පුරාවස්තු එකතුව සංරක්ෂණය , මඩකලපුව ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය ඇතුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 14 ක් සදහා අරමුදල් සපයා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය පෙන්වා දේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More