ජාතික ආණ්ඩුවක් තිබෙන බව කීමෙන් තවදුරටත් ජනතාව රවටන්නේ නැතිව තමන් සමග ඉතිරිව සිටින කීප දෙනාත් සමග ආණ්ඩුවෙන් ඉවත්වන වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එක එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා ඊයේ පැවසීය.
අමරසේකමරසර මහතා මෙසේ පැවසුවේ රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.
‘‘මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි කියලා අපි කලින්ම කිව්වා. දැන් ඒක ඒ අයම ඔප්පු කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කළ සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට එරෙහිව මුලින්ම ඡන්දය දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ. ජාතික ආණ්ඩුව එහෙම වෙන්න පුළුවන්ද? ඒ නිසා ජනාධිපතිතුමනි, රට රවට්ටන්නේ නැතුව තමන්ගේ පක්ෂයේ ඉතිරි කීප දෙනාත් අරගෙන මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. බටහිර බලවේග වලට අවශ්‍ය මේ රටේ බෙදන්නයි.
ඊළඟට අපේ රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා ගෙනත් දඬුවම් දෙන්න උත්සාහ කළා ඒක කරන්න අවශ්‍ය තොරතුරු නැති නිසා අතුරුදන් වූවන් පිළිබඳ පනත ගෙනාවට පස්සේ එහි කාර්යාලය පිහිටෙව්වා. තවත් පනතක් ගෙනත් 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත කියලා. මේක මහා විනාශයක්.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...