යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) දින අත්අඩංගුවට ගනු ලැබීය.
උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි අදාල ධානපතියාගේ නිවසේ සිට මෙලෙස එක් වැසියෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබීමත් සමග එම ස්ථානයට විශාල පිරිසක් සෞඛ්‍ය නීති කඩකරමින් එක්රැස් වී ඇත.
එහිදී අදාල සිදුවීම පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට සහ සෞඛය නිලධාරීන්ට වාර්ථා වීමත් සමග එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් රැස්ව සිටි පිරිස් නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් විසුරුවා හැරීමට පියවර ගෙන අදාල ධානපතියා සමඟ මුදල් බෙදමින් සිටි තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගනු ලැබිය.
පොලිස් භාරයට ගත් පිරිසගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරනය වී ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිටින තම පුතා විසින් අදාළ ධානපතියාට මුදල් එවූ බවටත් එම මුදල් සාමාන්‍ය ජනතාවට බෙදාදෙන ලෙසට තම පුතු විසින් ඉල්ලීම නිසා එලෙස මුදල් බෙදා දීම සිදුකල බවටය.
මෙලෙස මහජනතාවට එක් අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් කෝටි 2 ක පමණ මුදලක් බෙදා දීමට සූදානමක් තිබූ බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලිස් භාරයට ගත් පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මුදාහැරීමට නෙල්ලිඅඩි පොලීසිය විසින් පියවර ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...