ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇති බවයි.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා”රෝග ලක්‍ෂණ සහිත වූවන් සහ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව පරීක්ෂණ සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් සඳහා පමණයි. එමඟින් වාර්තා වන ආසාදිතයන් මෙන් කිහිප ගුණයක් සාමාන්‍ය සමාජයේ ආසාදිතයන් සිටිය හැකියි.ඒ අනුව නිල සංඛ්‍යා ලේඛන මඟින් පමණක් කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගත නොහැකි වී තිබෙනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...