එළඹෙන මාස් කන්නයේ වී ගොවීන්ගේ කාබනික පොහොර අර්බූදය පිලිබදව මාධ්‍ය හා ජනතාව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පාදුක්කේ පිහිටි ගොවිජන මූලස්ථානයේ දී ඊයේ (07) දින පැවැත් වූ අතර එහිදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ ,
2021 අප්‍රේල් 27 වෙනිදින ජනපතිවරයා විසින් ගනු ලැබූ රසායනික පොහොර තහනම නිසාවෙන් මෙරට සියලුම කෘෂිකර්ම ක්ෂේත්‍රයන් කාබනික පොහොර භාවිතා කරමින් වගාකටයුතු වල නියැලීම අනිවාර්ය කරමින් මෙවර මාස් කන්නයේ පටන් එය ආරම්භ වන බවත් මෙම නියෝගයත් සමගම කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටින ලදි.
එසේම ගොවිජනතාවට අවශ්‍ය කාබනික පොහොර ගොවීන්ටත් වෙනත් පුද්ගලික මැදිහත්වීමෙන් නිෂ්පාදනය කිරිමටත් අවශ්‍ය කටයුතු සලසන බවට ද ප්‍රකාශ කර සිටියේය. උග්‍ර විස සහිත බව මෙන්ම දීර්ඝකාලීනව රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් හානියට පත් ගොවිබිම් වල පාංශු පරික්ෂාවන් කරමින් අවශ්‍ය පොහොර නිර්දේශ නිකුත් කරන බවටත් , රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සහනාධාරයක් ලෙස ගොවීන්ට රුපියල් 12500/= ක මුදලක් ප්‍රදානය කරන බවද ඇමතිවරයා කිහිපවිටක් ම ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා ඔස්සේ මෙන්ම ගොවියන් හමුවේද ප්‍රකාශ කර සිටියේය.
මාස හතරක් ගත වී ගියද මේ වනතෙක් කෘෂිකර්ම ඇමතිවරයා කිවූ පරිදි ගුණාත්මක නිසි තත්ව සහතික ලත් කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයීමේ කටයුතු කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති අතර තවමත් ගොවීන්ට සිය කාබනික පොහොර නිෂ්පාදනය හෝ සපයා ගැනීම සදහා ලබාදෙනවා යැයි කියූ මුදල නොලැබීම නිසාවෙන් ගොවියා දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා සේම කඩිමුඩියේ කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නා ආකාරය වහ වහා ගොවියාට කියාදිය යුතුවා සේම ගොවීන් නොමග යවමින් රවටමින් කටයුතු කිරිමට මේ රජයට කිසිදු අයිතියක්ද නොමැත. එසේම ඇමතිවරයා කිවූ පාංශූ පරික්ෂා කෙබරය පිලිබදව ද මේ අවස්ථාවේ මෙරට ගොවි ජනතාව දැනුවත් කල යුතුය. වගා බිම් කට්ටි දහ අට ලක්ෂයක් ඇති අතර එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයක් බිම් කට්ටි දළ වශයෙන් දහසය දාහක් පරීක්ෂා කල යුතු අතර පාංශු පරික්ෂා කට්ටල ඇත්තේද සීමිත ප්‍රමාණයක් වන අතර බොහෝ ඒවා අකර්මණ්‍ය වී ඇත. මේ නිසාම ගොවිබිම් වල පාංශු පරික්ෂාව අලි කෙබරයක් වී ඇති අතර ජනාධිපතිවරයා ගනු ලැබූ රසායනික පොහොර තහනම මහපොලොවේ යථාර්ථයක් කරගැනීමට අපොහොසත් වීම සම්බන්ධ වගකීම අදාල ඇමතිවරු භාරගත යුතුය.
එසේම මෙවර වී මිලදී ගැනීමේ දී ගොවියාට වී ළඟ තබාගැනීම හා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට අසාධාරණයක් කරමින් එහි වක්‍ර වාසිය මහා පරිමාණ මෝල් හිමියන් අතලොස්සකට ලබාදීමක් සේම සහල් සීනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වුවද වී අමුද්‍රව්‍යක් මිස අත්‍යාවශ්‍ය ආහාරයක් ලෙස සැලකීම කිසිසේත්ම ප්‍රායෝගික නැත. ජාවාරම්කාර පිරිසකගේ අණසකට යටත් රජයක් බවට පත් වී ඇති අතර එය හරියටම ” බස් රථයක සෙනග පුරවා වීදුරු ඇරගෙන වේගයෙන් ධාවනය කරන අතරතුර රියදුරු බුලත් කෙල ගහනවා වගේ වැඩක්. බුලත් කෙල මගීන්ටද පාරේ ගමන් කරන හැමෝටමද වදිනවා මේ ක්‍රියාව නිසා හැමෝම රියදුරාට විතරක් නෙවේ අම්මා මෝත් මතක් කරලා බනිනවා ” මේ ආණ්ඩුවත් හරියට බුලත් කෙල ගසන බස් රියදුරා වගේ.. හැමෝම දැන් තරහ කරගෙන ගොවියාද , ගුරුවරයාද , කම්කරුවාද ඇතුලු සමස්ථ ජනතාව එක්කම ආරෝවක් හදාගෙන රට කරවන රජයක් බවට පත්වෙලා. මේ ආකාරයට හැට නව ලක්ෂයේ අපේක්ෂාවන් බලාපොරොත්තූන් නැති භංගස්ථාන කළොත් මේ ආණ්ඩුවට කොහෙත්ම ඉදිරිගමනක් නොමැති අතර විශේෂයෙන්ම ගොවියා වළපල්ලට යවන ගමන්මග වෙනුවට ගොවියා ආරක්ෂාකරමින් මේ රටේ ආහාර සුරක්ෂිතතාවය රකින යහපත් කෘෂිකාර්මික වත් පිලිවෙත් සපුරාලීමට වැඩකටයුතු සකස්කරලිය යුතුබව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික ගොවිජන එකමුතුවේ ලේකම් චන්දන රණසිංහ මහතා හා අධ්‍යාපන ලේකම් කේ පී.ඩී. කරුණානායක මහතාද සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...