දේශීය පුවත්

මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවය.

“මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කළේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා. අපේ විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූලව විසඳෙයි කියලා බලාපොරොත්තුවෙනවා. එතෙක් කර්මාන්ත ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදීලා තියෙනවා. ඒ කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කරන්නේ.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More