කිරි ගොවියාට අමු කිරි සඳහා ගෙවන මිල රුපියල් 80 දක්වා පහත දැමීමට රජයට අයත් මිල්කෝ සමාගම විසින් රටට කිරි පිටි ආනයනය කරන බහු ජාතික සමාගම් දෙකක් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙන බවට ජාතික ගොවි ජන එකමුතුව පවසයි.
එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මිල්කෝ සමාගම ගිවිසුම් අත්සන් කළ අදාළ සමාගම් දෙක ශ්‍රී ලාංකික කිරි ගොවියා නිෂ්පාදනය කරණ කිරි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබා ගනිමින් විදේශීය කිරි පිටි ආනයනය කරණ මහා සමාගම් දෙකක් බවයි.
එම සමාගම් දෙකේ යටි අරමුණ වන්නේ දේශීය කිරි ගොවියාගෙන් මිලදී ගන්නා සුළු කිරි ප්‍රමාණයට සොච්චම් මුදලක් ගෙවා ඔවුන්ව අධෛර්යමත් කර කිරි පිටි ආනයනය ශක්තිමත් කිරීම බව අනුරාධ තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියේය.
ලාභ ලබා ගැනීමේ අරමුණින් බහුජාතික සමාගම් යටි කූට්ටු වැඩ කිරීම අරුමයක් නොවුනද මිල්කො සමාගම මෙවැනි කුමන්ත්‍රණ වල හවුල් කරුවෙකු වීම සම්බන්ධයෙන් තම ජාතික ගොවි ජන එකමුතුව පුදුමයට පත්වන බව ඒ මහතා පැවසුවේය. ඒ අනුව මිල්කෝ සමාගමේ මෙම කටයුත්ත ජාතික ගොවිජන එකමුතුව දැඩි ලෙස හෙලා දකින බව අනුරාධ තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
මිල්කෝ සමාගම වෙළෙඳ පොල අවශ්‍යයතාවය අනුව කිරි පිටි නිෂ්පාදනය කරනවා වෙනුවට වඩා ලාභදායි යෝගට් සහ අයිස් ක්‍රීම් නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කරමින් කිරිපිටි නිෂ්පාදනය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බවද තෙන්නකෝන් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ කිරි පිටි නිපදවන තවත් දේශීය සමාගමක් දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට රුපියල් 100ක් ගෙවීම නිසා මිල්කෝ සමාගම සම්බන්ධ කරගනිමින් කිරි පිටි ආනයනය කරන බහුජාතික සමාගම් දියත් කරන්නට යෙදුණු කුමන්ත්‍රණය දැනට අසාර්ථක වී ඇති බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...