ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අදාළ විභාගය පවත්වනු ලබන දිනයන් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2022 පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට නියමිතය.
උසස් පෙළ විභාගය 2021 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මෙම විභාගයන් අදාල දිනයන් තුලදී ස්ථිර වශයෙන්ම පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...