මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
තහවුරු නොකළ වාර්තාවලට අනුව නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආරාධනයක් පිළිගැනීමට ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇති බව කියවේ.
දැනට මහ බැංකුවේ අධිපති ධුරය දරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත් වනු ඇති බවද එම වාර්තා පවසා සිටී.
ඒ අනුව එම වාර්තා පවසා සිටින්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා සිය තනතුරෙන් ඉවත් වීමත් සමගම කබ්රාල් මහතා දැනට දරන තනතුරින් ඉවත් වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...