දේශීය පුවත්

රුපියල් මිලියන 29,000ක බදු සහන හෙවත් බදු වංචාවට පසුව සීනි තොග සැඟවීම මගින් කරණ ලද කූට උපක්‍රමය හරහා පාලන මිලට වඩා සීනි කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 31ක් වැඩිපුර මුදලක් ලබා ගැනීමට සීනි ආනයන ජාවාරම්කරුවන් සමත් වී ඇත.

ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙළෙඳ පොලේ පවතින සීනි මිල සම්බන්ධයෙන් ජාතික සංවිධානවල මතය විමසූ විට ජාතිකි සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර ඉහත අදහස දැක්වීය.

වෛද්‍යය වසන්ත බංඩාර මහතාට අනුව ආණ්ඩුව විසින් ලබා දුන් බදු සහනය බදු වංචාවක් වන්නේ එම සහනයට අනුව සීනි මිල රුපියල් 49.75කින් අඩු කළ යුතු වුවත් ජාවාරම්කරුවන් විසින් ඒ වන විට රුපියල් 135ට තිබූ සීනි කිලෝවක මිල රුපියල් 205 දක්වා ඉහළ දැමීම හේතුවෙනි.එහිදී වෛද්‍යයවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බදු සහනය අනුව රජය සීනි කිලෝ ග්‍රෑම් 1කට නියම කළ මිල රුපියල් 85ක් වන බැවින් එම මිල තුළ සීනි ආනයනයකරුවන්ගේ සියලු වියදම් සහ සාමාන්‍යය ලාභයද ඇතුලත් වන බැවින් අත් අඩංගුවට ගනු ලැබූ සීනි වලට ගෙවිය යුත්තේ රුපියල් 85ක් හෝ ඊට වඩා අඩු මිලක් බවයි.

ඒ වෙනුවට එම සීනි තොග වලට කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 116ක් ගෙවීම මගින් ජාවාරම්කරුවන්ට රුපියල් 31ක අමතර ලාභයක් ලැබෙන බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ,අත්අඩංගුවට ගත් සීනි තොග සහ රටතුල තිබෙන අනෙකුත් සීනි තොග එම මිලට විකුණන්නේ නම් ජාවාරම්කරුවන්ට අමතරව රුපියල් මිලියන 20,000ක ලාභයක් ලැබෙන බවයි.

බැඳුම්කර වංචාවෙන්  කළ හානියට වඩා සීනි බදු වංචාවෙන්  කළ හානිය බරපතල බව පවසන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා මෙවැනි ගොං වැඩ හෝ මෙවැනි අමුම අමු වංචා සිදුවන රටක් ලෝකයේ කොතැනක හෝ ඇත්තේනම් පෙන්වා දෙන ලෙස ඕනෑම කෙනෙකුට අභියෝග කරණ බවද අවධාරණය කළේය.

මෙම සීනි ජාවාරම්කරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමට පෙර සිටම වියත් මගේ  කිට්ටුවන්තයන් ලෙස පෙනී සිටියේ මෙම වංචාවන් සඳහා වට පිටාව සකසා ගැනීමට බවද  වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය. අයුතු ලාභ ලැබීම වෙනුවෙන් මෙම පිරිස් ජනාධිපතිවරයාගේ ගෞරවයටද විශාල හානියක් කරණ බවද පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ජාතික සංවිධාන දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය තහවුරු කිරීමට පෙනී සිටි බලපෑම් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාගේ කීර්තියට මෙවැනි ජාවාරම්කරුවන් කරණු ලබන හානිය සුළු කොට නොතකන බවද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More