දේශීය පුවත්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.එම ලිපිය මගින් ඔහු අවධාරණය කරමින් කියා සිටින්නේ පාසල් දරුවන් සඳහා වන කොරෝනා එන්නත ලබාදීමට හදිසි තීරණයක් නොගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයාට මෙම ලිපිය මගින් දන්වා සිටි.

තවද ඒ මහතා ලිපිය මගින් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පාසල් ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට ගත් තීරණය ඉතාමත් භාරදූර තීරණයක් බවත් එය පුළුල් ලෙස කරුණු සලකා බලමින් ගතයුතු තීරණයක් බවත් හෙතෙම පවසා සිටී. එමෙන්ම මහා බ්‍රිතාන්‍ය පවා මේ වන විට පාසල් ළමුන් සදහා වන එන්නත්කරනය පිළිබඳව පුළුල් ලෙස කරුණු විමර්ශනය කරමින් අනාවරණය කර ඇත්තේ විශේෂයෙන් හඳුනාගත් විවිධ නිදන්ගත රෝග සහ වෙනත් විශේෂිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පමණක් මෙම කොරෝනා එන්නත උචිත වන බවත්ය.

මෙහිදී පාසල් දරුවන් සඳහා කොරෝනා එන්නත නිර්දේශය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව එතුමා එම ලිපිය මගින් පෙන්වා දෙයි.

එම නිර්දේශයන් වන්නේ,

1. දරුවන් සම්බන්ධයෙන් කොරෝනා එන්නතේ සාර්ථකත්වය පිළිබඳව මේ වන විට කවර හෝ විද්‍යාත්මක සාක්ෂියකින් සනාථවී නොමැති අතර, එය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.

2. කොරොනා එන්නත දරුවන්ට ලබා දීමෙන් ඇතිවිය හැකි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඵලවිපාක පිළිබඳවද අවිනිශ්චිත තත්ත්වයක් පවතී.

3. විවිධ ආකාර වලින් නිපදවූ කොරෝනා
එන්නත් වලින් සිදුවිය හැකි ජානමය විකෘති සහ පසුකාලීනව ඇති විය හැකි බරපතළ රෝගාබාධ පිළිබඳව ද මේ වන විට ලෝ පුරා විද්‍යාඥයින් කරුණු ඉදිරිපත් කොට ඇත.

4. ඉතා සීඝ්‍රයෙන් ජාන විකෘති ඇති වෙමින් කොරෝනා වෛරස් ප්‍රභේද ගණනාවක් මේ වන විටත් බිහි වී ඇති අතර, කොරෝනා සඳහා ලබාදෙන එන්නත් වල සාර්ථකත්වය පිළිබඳව නැවත විමර්ශනය කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇත.

5. ඉදිරියේ දී මේ තත්ත්වය තවදුරටත් බරපතළ ලෙස වර්ධනය විය හැකි අතර, දරුවන් සම්බන්ධයෙන් සහ ගර්භනී මව්වරුන්ට එන්නත් ලබාදීම ඒ නිසා බිහිවන දරුවන්ට ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව පුළුල් ලෙස අධ්‍යයනය කොට තීරණ ගත යුතුය.

6. මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයින්, විද්‍යාඥයන් ඇතුළු අදාල පාර්ශව නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කල යුතු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More