දේශීය පුවත්

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගෙ බිරිය හීන්මැණිකේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට ස්වල් මොහොතකට පෙර මහියංගන ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ දී සිදු කෙරිනි.

පොලිස් ආරක්ෂාව සහ ගෞරව පූර්ව ලෙස හීන්මැණිකේ මාතාවගේ දේහය අද පෙරවරු 11.30ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට මහියංගනය බලා රැගෙන ගියේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී වැදි නායක වන්නිලා ඇත්තන් විසින් දේහය භාරගනු ලැබීය.

වැදි රැහේ සාම්ප්‍රදායික අවමංගල්‍ය පෙරහරකින් දේහය මහියංගනයේ සිට ආදාහනාගාරය වෙත රැගෙන ගියේය.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් සහ මේ වනවිට රැහේ බහුතරයක් දෙනා නිරෝධායනය වෙමින් සිටින බැවින් සම්ප්‍රදායික අවමගුල් පෙරහර සඳහා වන්නියලා අත්තන් ඇතුළු සුළු පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More