දේශීය පුවත්

අනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසි විටක තමා සිදු කර නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

හිටපු සියලු ම මහ බැංකු අධිපතිවරුන්ට හිඟ මුදල් ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා උත්සාහ කරන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත්තේ, තමන් මහ බැංකු අධිපති වශයෙන් 2006 වසරේ සිට 2015 වසර දක්වා අවුරුදු අටකට අධික කාලයක් සේවය කළ බවත් තමන්ගේ පත්වීම් ලිපියට අනුව විශ්‍රාම වැටුපකට තමන්ට හිමිකමක් ඇති බවත් ය.

ඒ අනුව, තමන් මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුව ද කිසිදු විශ්‍රාම වැටුපක් තමන් වෙත ලබා දී නොතිබුණු බැවින්, ඒ සම්බන්ධයෙන් 2019 වසරේ එවකට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට දැනුම් දුන් බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, අනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටක තමන් සිදු කර නොමැති බව ඔහු සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, මෙම ඉල්ලීම අනුව හිටපු සියලු මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවිය හැකි අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ද එම ප්‍රතිලාභය ලබා ගැනීමේ හැකියාව තිබේ.

කෙසේ වෙතත්, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඔහු මේ වන විට ශ්‍රී ලංකාවේ අධිකරණය මග හරිමින් සිංගප්පූරුවට පළා ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More