මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පෞද්ගලික පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා කීවේය.
එම පනත් කෙටුම්පතෙහි 6 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71(1) ව්‍යවස්ථාවටද පනතේ 7 වැනි වගන්තිය 3,4 සහ 12(1) ව්‍යවස්ථාවන්ටද අනුකූල නොවන බව දැනුම්දී ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර පසුව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 84 ව්‍යවස්ථාවේ දෙවෙනි අනු ව්‍යවස්ථාව අනුව යැයිද සඳහන් කළේය.
කතානායකවරයා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...