පුරවැසි කොලම

නැගී සිටිය හැක එක්සත් වී

September 6, 2021 2:19 pm | Lanka Lead News

මහා විනාශයකින් පසු ජපානයට නැඟී සිටීමට හැකියාව ලැබුණේ ජාතික එකඟතාව සහ එකමුතුකම නිසාය. එනිසා අප ද දැන් කළ යුත්තේ රට ගැන සිතා පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කිරීමය. එසේ වැඩ කළ හොත්, වසංගතය මෙන් ම ආර්ථික අවුල ද අපට විසඳා ගැනීමට හැකිය. එසේ කටයුතු කළ හොත් නිරවුල් රටක සිට ඉදිරි ජාතික මැතිවරණයකදී පක්ෂ විපක්ෂ ලෙස දේශපාලනය කළ හැකිය.

ඒ ආකාරයට වගකීම සහ ස්වයං යුතුකම පෙරට එද්දී, මෙරට එන්නත්කරණයෙන් ද ඉහළ තැනකට පත්ව තිබේ. ඒ ගැන අපට සතුටු විය හැකිය. අන්තර්ජාතික ආයතන පවා පිළිගෙන ඇති පරිදි මෙරට එන්නත්කරණය අතිශය ක්‍රමානුකූලව ක්‍රියාත්මක වේ. ඒ සක්‍රිය තත්ත්වය කොතෙක් ද යත්: වසංගතය වේගයෙන් පැතිර ගිය සහ විශාල ජන ඝනත්වයක් ඇති ප්‍රදේශවල එන්නත්කරණය මේ වන විට සියයට පනහ ඉක්මවමින් අවසන් කර තිබේ. එය අපට රටක් ලෙස සතුටු විය හැකි දෙයකි. එසේ සතුටු විය හැක්කේ එන්නත්කරණය වසංගතය මෙල්ල කිරීමට සහ මරණ ප්‍රමාණය අඩු කිරීමට ඇති එකම විකල්පය වන බැවිනි.

පසුගිය අගෝස්තු තිස් වැනිදා වන විට නිකුත්ව ඇති දත්ත අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කරනු ලබන වයස් සීමා අනුව පළමු මාත්‍රාව මේ වන විට ලක්ෂ එකොළහ ඉක්මවන ප්‍රමාණයක් ගෙන ඇති අතර, මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පිරිස ලක්ෂ නවයකට ආසන්නය. එය ප්‍රතිශතයක් ලෙස සඳහන් කළ හොත් අවුරුදු තිහට වැඩි ජනගහනයෙන් සියයට හැට හත ඉක්මවන්නකි. එම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේදී තවත් ඉහළ යන අතර, සංඛ්‍යාත්මකව ගත හොත් මාත්‍රා දෙකම ගත් ප්‍රමාණය ලක්ෂ දහයකට ආසන්නය. ලක්ෂ දහතුනක් කුමන හෝ එන්නත් මාත්‍රාවක් ගෙන තිබේ.

රෝගය පැතිර යෑම අධික වූ ප්‍රදේශවල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද දැනටමත් මාත්‍රා දෙකම ගත් ගණන පන්ලක්ෂ තිස්හය දහසකි. තවත් ලක්ෂ හත ඉක්මවන පිරිසක් කුමන හෝ එන්තකින් එක් මාත්‍රාවක් හෝ ගෙන තිබේ. ඒ අප සඳහන් කළේ බස්නාහිර පළාත ගැන පමණි. බස්නාහිරින් බාහිර ප්‍රදේශවල ද එන්නත්කරණය වේගවත්ව සිදු වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද එන්නත්කරණය සාර්ථක ලෙස සිදු වේ. දැනටමත් එක්ලක්ෂ හැත්තෑ අට දහසක් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්යේ ද දුර බැහැර ප්‍රදේශවල පවා එන්නත්කිරීම් ක්‍රමානුකූලව සිදු වේ. මහනුවර දිස්ත්‍රික්කයේ ද හත්ලක්ෂ විසිහත් දහසක් කුමන හෝ එන්නත් මාත්‍රාවක් ගෙන ඇති අතර, මාත්‍රා දෙකම සම්පූර්ණ කළ ගණන පන් ලක්ෂ පහළොස්දහසකි. මධ්‍යම අනෙක් දිසාවල ද මේ කටයුතු මහනුවරට සමාන ලෙස සිදු කෙරේ. බදුල්ලේ මේ වන විට එක්ලක්ෂ අනූ අට දහසක් එන්නත් මාත්‍රා දෙකම ගෙන තිබේ. මොනරාගල දෙලක්ෂය ඉක්මවන පිරිසකට පළමු එන්නතදී ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ ද හය ලක්ෂය ඉක්මවන පිරිසක් එන්නත් ගෙන තිබේ. දෙවන මාත්‍රාව දීම ද දැන් ක්‍රියාත්මකය. බස්නාහිර, දකුණ, මැද රට පමණක් නොව උතුරේ ද එන්නත්කරණය වේගවත්ව සිදු වේ. යාපනය දිස්ත්‍රික්කයේ තුන් ලක්ෂ නව දහස් එකසිය හැත්තෑ අටකට එන්නත් දී ඇති අතර, එන්නත් ගැනීම සම්පූර්ණ කළ පිරිස ලක්ෂය ඉක්මවයි. වන්නියේ දුෂ්කර දිසාවල පවා එන්නත් දීම සිදු වේ. උදාහරණ ලෙස: මුලතිව්හි සියයට හැටපහ ඉක්මවූ පිරිසක් කුමන හෝ එන්නත් මාත්‍රාවක් ගෙන ඇත. නැඟෙනහිර පළාතේ ද මුල් අදියරේ එන්නත් කිරීමේ ප්‍රතිශතය සියයට හැටපහ ඉක්මවා තිබේ.

ජාතික වශයෙන් ගත හොත් එක් කෝටි විසි පන් ලක්ෂය ඉක්මවන පිරිසක් කුමන හෝ එන්නත් මාත්‍රාවක් ගෙන ඇති අතර, ලක්ෂ අසූ පහකට අධික පිරිසක් එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ. ඒ අනුව රටේ පුරවැසියන් වෙනුවෙන් මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැයව තිබෙන අතර, මෙය තේරුම් ගෙන වසංගතය පරාජය කිරීමට උපරිමයෙන් කැප වීම අප කාගේත් වගකීමකි.

(ඇත්ත)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More