කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා අද(06) ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇති බව වාර්තාවේ.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් එම පිරිස සැකකරුවන් ලෙස නම්කර තිබේ.
කෙසේ වුවද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදුයදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ඉස්මත් සහ මියගිය දැරිය එම නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් යන අය ඇප මත මුදා හරින ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...