රට රකින ජනපවුර ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘රටට හතුරු 20 එපා!’ විරෝධතා ජනසමුළු මාලාවේ පළමුවැන්න අද (07) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම විරෝධතා ජන සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම ‘රට රකින ජනපවුර’ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජානිපෙ ප්‍රධාන ලේකම් නීතීඥ කපිල ගමගේ මහතා සිදුකරන ලදී. ජානිපෙ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලනිප 16 කණ්ඩායම නියෝජනය කරමින් ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙටි දෙසුම් පැවැත්වූහ.
ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විද්වත්හු, වෘත්තිකයන්,කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.









ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...