ජීවිත කාලය පුරා එකට සිටි අයෙකු නොසිතු ලෙස වෙන්ව ගියපසු ඒ අඩුව කිසිදු අයුරකින් පිරවිය නොහැකි බැවින් සැවොම එක්ව කොරෝනා වසංගතය පාලනය කිරීමට මූලිකත්වය ගත යුතුව ඇතැයි වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසුවේය.
එකට අත් අල්ලාගෙන ජීවන ගමනේ යමින් සිටි සහකාරිය අතර මගදී අත් අතහැර ගිය විට දැනෙන වේදනාව සුළු පටු නැති බවත් මේ අදාල වී තිබෙන්නේ ලෝක ධර්මතාවය අවබෝධ කරන්න කාලයක් බවත් හෙතෙම කීය.
සිය බිරිඳගේ මරණය සැළ වීමෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට අද (05) පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
කොවිඩ් වෛරසය වැළඳී විශාල දහස් ගණනක් අප අත්හැර ගොස් තිබෙන බවත් ඔවුන්ගේ අහිමිවීම නිසා සාදාකාලිකව වේදනාවෙන් පසුවන තවත් විශාල පිරිසක් සිටින බවත් වන්නියලෑ ඇත්තෝ කීහ.
මෙම අවදානම් අවස්ථාවේ පවතින බැරෑරුම් තත්ත්වය පිළිබඳව සියලු දෙනා අවබෝධ කරගැනීම වැදගත් බවත් කොවිඩ් නිරෝධායන නීති රීති ගරුකරමින් කටයුතු කිරීම සියලු දෙනාගේ යහපතට හේතුවනු ඇති බවත් වන්නියලෑ ඇත්තෝ කීහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...