එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ.ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවය ඊයේ (05) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතුරින් මෙරට පැරණිතම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.
මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවනු ලබන්නේ 1946 වර්ෂයේ සැප්තැම්බර් මස 06 වැනිදාය.
ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග ආදී චරිත නායකත්වය දැරූ එම පක්ෂයේ නායකත්වය වැඩිම කාලයක් හෙවත් 27 වසරක් මුළුල්ලේ හොබවනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එහෙත් පසුගිය වසරේ මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහටහාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.
“ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සිය 75වන සංවත්සරය සමරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...