අමාත්‍ය වරයෙකු සතු බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා පත්කරන ලද මිලින්ද මොරගොඩ මහතා ගේ විශේෂ බලතල පිළිගැනීම ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ එකී බලතල පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් දක්වා තිබේ.
ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය , අදාළ වගන්ති ඉවත් කර නව ලිපිගොනුවක් එවන ලෙසත් එම ලිපි ගොනුව ඉන්දීය රජය වෙත යොමු කළ හැකි බවත් දන්වා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව මහ මහකොමසාරිස් ධුරයේ අක්ත පත‍්‍ර ඉන්දීය රජය මිලින්ද මොරගොඩ වෙත මහතා මෙතෙක් භාර දී නැති බව එම වාර්තාවන් වැඩිදුරටතත් පවසා සිටී.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා සිය රාජකාරි ආරම්භ කිරීම නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී පසුගිය 30 වැනිදා සිදු කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...