දේශීය පුවත්

හදිසි නීති විවාදය අද

September 6, 2021 7:47 am | Lanka Lead News

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට යොදා ගෙන තිබෙන අතර ඒ අනුව හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතව තිබේ.

මේ අතර,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේය.

කෙසේ වුවද පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමාකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More