දේශීය පුවත්

නීත්‍යනුකූල නොවන ලෙස රැස්කරගෙන ඇති වී , සහල් , සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දීමට කටයුතු කරන ලෙසත්, එක් එක් දිස්ත්‍රික්කයේ අවශ්‍ය මැදිහත්වීම් කර තමා වෙත නිරන්තරයෙන් වාර්තා කරන ලෙසත්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සියලු දිසාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබ ඇත්තේ, පොලිස්පතිවරයාටත්, සියලු දිසාපතිවරුන්ට , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාට සහ ආහාර කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමිනි.

එහි දැක්වෙන්නේ, වී, සහල්, සීනි ඇතුළු අත්‍යශ්‍ය තොග සැගවීම ,, බෙදාහැරීම අඩපණ කිරීම , අධික මිල ගණන් අය කිරිම හා මහජනතාව අපහසුතාවට පත්කරන සියලු අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ, නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, රජයේ සහතික මිලට හෝ රේගුවේ ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන නිත්‍යනුකූල නොවන රැස්කරගෙන තබාගෙන ඇති ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබා දීමට කටයුතු කරන ලෙස අතශවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා නියෝග කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More