රුසියාවේ පැවති “Army 2021” ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යුධ හමුදා නර්තන කණ්ඩායම ජයග්‍රහණ රාශියක් දිනා ගැනීමට පසුගියදා සමත් වුණි.
එහිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් වන්නේ,
1. හොඳම නර්තන කණ්ඩායමට හිමි ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (grand prix) සම්මානය.
2. වේදිකා රූප වල දීප්තිමත් හා මුල් ප්‍රතිමූර්තය ආරක්ෂා කිරීම හා සම්ප්‍රදායික පිළිබිඹු කිරීම (ජයග්‍රහණය)
3. වාදන අංශය (ප්‍රථම ස්ථානය)
4. හොඳම සාම්ප්‍රදායික ඇඳුම (දෙවන ස්ථානය )
5. සමූහ නර්තනය (තෙවන ස්ථානය )
6. සාම්ප්‍රදායික නර්තන අංශය(යුගල) (තෙවන ස්ථානය)
7. ගායන අංශය (තෙවන ස්ථානය)
8. හොදම වීඩියෝව (තෙවන ස්ථානය) සහ හොඳම කණ්ඩායම් ශක්තියට හිමි කණ්ඩායම සඳහා ද නිර්දේශ විය.
තවද මොස්කව්හිදී පැවති “Army 2021” තරඟාවලියේ සමාප්ති උලෙළේ දී ශ්‍රී ලංකා යුධ හමුදා නර්තන කණ්ඩායමට ප්‍රාසංගික නර්තනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි වූ අතර තරගයට සහභාගී වූ කණ්ඩායම් 46ක් අතුරින් ලාංකීය කණ්ඩායමට පමණක් මෙම සමාප්ති උලෙළේ රඟ දැක්වීමට අවස්ථාව හමිවීමද මෙහි සුවිශේෂීත්වයකි.



https://fb.watch/7QsrPha1nn/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...