දේශීය පුවත්

එක් එක් අමාත්‍යාංශවල කපාහැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සොයාබලා මෙම සතිය තුළ වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.

කපාහැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරිකිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය පිළිබඳව මහ භාණ්ඩාගාරයට හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙස ද මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීයව හා ජාත්‍යන්තර මට්ටමෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ අපේක්ෂිත ආදායම පහත වැටීම හේතුවෙන් වියදම් සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

එම නිසා රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරුන් දැනුවත් කර තිබුණි.

ප්‍රතිපාදන වෙන්වී තිබුණ ද දැනට ආරම්භ කර නොමැති සියලු ව්‍යාපෘති නතර කෙරෙන අතර අමාත්‍යංශවල නව මිලදී ගැනීම් ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු ද තාවකාලිකව නවතිනු ඇති.

එමෙන්ම තවදුරටත් සීමා කළහැකි දීමනා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද මුදල් අමාත්‍යවරයා ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More