දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළ සිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය.
ඇතැම් හදුනා නොගත් මළ සිරුරු විවිධ අධිකරණ තීන්දු හේතුවෙන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අධිකරණ තීන්දු හේතුවෙන් එසේ ඉවත් කිරීමට නොහැකිවී ඇති හඳුනා නොගත් මළසිරුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඇමැතිවරයා උපදෙස්දී ඇත.
හඳුනා නොගත් මළ සිරුරු හේතුවෙන් බොහෝ රෝහල් මෘත ශරීරාගාරවල විශාල තදබදයක් මතුව ඇතැයි රෝහල් ප්‍රධානීහු පවසති.
මේ අතර රෝහල්වල අබලන් වී පවතින මෘත ශරීරාගාර වහාම පිළිසකර කිරීමට පියවර ගන්නැයිද රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...