දේශීය පුවත්

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 480 ක් අත්අඩංගුවට ගත්බව එම අධිකාරිය පවසයි.

පිටකොටුව සහ දෙමටගොඩ ප්‍රදේශ වල සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගත් මෙම ඇන්ටිජන පරීක්ෂණ කට්ටලවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා කීය.

ලියාපදිංචි නොකළ මෙම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ඔන්ලයින් ක්‍රමයට පිටකොටුවේ පුද්ගලයෙකු අළෙවි කරන බවට ලද තොරතුරු මත එම ස්ථානය වටලා පරීක්ෂණ කට්ටල කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු අදාළ පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා බෙදා හරින දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් ඒ මහතා කීය.

මෙම පරීක්ෂණ කට්ටල ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමකින් තොරව මෙරටට ආනයනය කිරීම සහ මෙරට තුළ අළෙවි කිරීම තහනම්ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More