ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුළුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම පවසයි.
ඖෂධ නියාමනය හා සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයාත්, අධිකාරියේ සභාපතිවරයාත් ප්‍රකාශ කළේ මැකී ගිය දත්තවලට අදාළ මුල් පිටපත් සුරක්ෂිතව පවතින බවය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු මෙරට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ ඔසුසැල්වලට අදාළ බලපත්‍ර නිකුත්කිරීම ආදි සියලු කටයුතු නියාමනය සිදුකරන ආයතනයකි.
අති සංවේදී බැවින් එම කටයුතුවලට අදාළ සියලු තොරතුරු එහි ඩිජිටල් දත්ත පද්ධතියට ඇතුළත් කොට සුරක්ෂිත කෙරේ.
එම පද්ධතියේ ඇතුළත් යම් දත්ත ප්‍රමාණයක් මැකී ගොස් ඇතැයි ඉකුත් ජූලි මසදී අනාවරණ වූ අතර එය යම් පාර්ශ්වයක කුමන්ත්‍රණයක් බවට විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ම චෝදනා එල්ල වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...