දේශීය පුවත්

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලිබාන් අන්තවාදීන් අතට පත් වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් මුස්ලිම් ජාතිකයන් සැමරීම විවේචනයට ලක් කළ ප‍්‍රකට සම්භාව්‍ය හින්දි සිනමා නළුවෙකු වන නස්රුදීන් ෂා ට ඉන්දීය මුස්ලිම් ජාතිකයන්ගේ විරෝධය එල්ල වී තිබේ.

වීඩියෝ පටයක් හරහා උර්දු භාෂාවෙන් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර ඇති 71 හැවිරිදි වියෙහි පසුවන ෂා පවසා ඇත්තේ ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන්ගෙන් ඇතැමෙකු මෙසේ තලිබාන් අන්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීම පිළිබඳව සතුට පළ කිරීම භයානක ප‍්‍රතිපල ඇති කළ හැකි බවයි. සිය කථාවේදී ඔහු මෙම මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රීතිය ප‍්‍රකාශ කිරීම ඉස්ලාම් ආගමේ එන ‘පැරණි ම්ලේච්ජත්වය’ පිළිබඳ සංකල්පයට සමාන කර තිබේ. ෂා ගේ මෙම ප‍්‍රකාශය දැඩි සේ විවේචනය කිරීමට ඇතැම් මුස්ලිම් ජාතිකයන් විසින් කටයුතු කර තිබේ. කෙසේ වුවද මුස්ලිම් ජාතික නළුවෙකු වන ෂා ගේ ප‍්‍රකාශය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් විසින් ප‍්‍රශංසා කර ඇති අතර මුස්ලිම් ජාතිකයන් විසින් වැඩි වශයෙන් තලිබාන් පාලනයට එරෙහිව කථා කළ යුතු බව ඔවුහු කියා තිබේ.

(දිවයින)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More