දේශීය පුවත්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලක් තුළ “හුදකළා වෘකයා” පන්නයේ ප්‍රහාරයක් , නවසීලන්ත පුරවැසිභාවය ලබාගෙන සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකු වන අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් විසින් පසුගියදා එල්ල කෙරිණි.

ඔහුගේ එම ක්‍රියාව ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග වහාබි සහ සලෆි මතවාදවලින් පෝෂණය වන තවත් සංවිධාන 21ක් එකට එකතුවී හෙලා දැක නිවේදනයක් නිකුත් කිරීමට මේ වන විට   කටයුතු කර තිබේ. එම නිවේදනය සම්බන්ධව රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍යය නිවේදනය මගින් උන්වහන්සේ, ඉස්ලාම් ආගම යනු ම්ලේච්ඡ ත්‍රස්ත ආගමක් බවට ලෝකයා හැඳින්වීමට පාදක වුනු ප්‍රභලම මතවාද ලෙස “වහබ්වාදය සහ සලෆිවාදය” හඳුන්වන බව පවසා සිටිති. ඒ අනුව උන්වහන්සේ, ඒකාබද්ධ ප්‍රකාශය නිකුත්කළ සංවිධාන 22 එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට පෙර “වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැකිනම් සිදුකරන ලෙස බව අභියෝග  කරති.

ඒ අනුව ගලබඩ අත්තේ ඥානසාර හිමි රජයට යෝජනා කරන්නේ, ඉස්ලාම් අන්තවාදයට තිත තැබීමට මෙන්ම ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවෙන ප්‍රහාර නැවැත්වීමට නම්, 1. වහබ්වාදය 2. සලෆිවාදය 3. ඉහ්වාන් මතවාදය 4. ජමාතේ ඉස්ලාම් මතවාදය මෙන්ම මෙම මතවාද සහිත සංවිධාන / රාජ්‍ය නොවන ආයතන / සුභසාධන ආයතන / අධ්‍යාපනික ආයතන තහනම් කර නව සංවිධාන ක්‍රියාත්මක කිරීම ද තහනම් කළ යුතු බවයි.

උන්වහන්සේ නිකුත් කළ සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…

සහරාන් ජීවත් වූවානම් නිසැකවම ඕක්ලන්ඩ් ප්‍රහාරය හෙලාදැක නිවේදනයක් නිකුත් කරණු ඇත!-බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More