දේශීය පුවත්

නවසීලන්ත අගමැතිණිය නවසීලන්තයේදී ඉස්ලාම් භක්තික ශ්‍රී ලාංකිකයෙකු විසින් කළ ම්ලේච්ඡ පහර දීම සම්බන්ධයෙන් ප්‍රකාශය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා මහතා පවසන්නේ, නවසීලන්ත අගමැතිණිය ප්‍රහාරක ත්‍රස්තවාදියාගේ වාර්ගික අනන්‍යයතාවය හඟවා කටයුතු කිරීම බරපතල වරදක් බවයි.

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා කල සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

“නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳව ජර්මනියේ ZDF නාළිකාව ප්‍රවෘත්ති සටහනකින් සඳහන් කර තිබුණේ හය දෙනෙකුට තුවාල සිදුකරමින් කළ ප්‍රහාරය දියත් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු බවයි.

නවසීලන්ත අගමැතිනිය මෙම ත්‍රස්තවාදීයාගේ වාර්ගීය අනන්‍යතාවය හෙළි කිරීමට ඉඩ නොදීමෙන් කර ඇත්තේ බලවත් වරදක්.

මුළු ලොවම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව පෙළ ගැසෙන මොහොතක ක්‍රිස්තියානි රටක වැසියන්ට ඉස්ලාම් අන්තවාදීයෙක් ප්‍රහාරයක් එල්ල කළ විට ඒ පුද්ගලයාගේ පසුබිම දැනගැනීමට ලෝකයාට අයිතියක් ඇත.

2011 වසරේදී නවසීලන්තයට පැමිණි ශ්‍රි ලාංකික මුස්ලිම් පුද්ගලයාට දේශපාලන රැකවරණ දීමට නවසීලන්ත බලධාරීන් තීරණය කළා නම්, ඒ මොහොතේ සිට එම පුද්ගලයාගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය අහෝසි වන්නේය. ඒ තත්න්වයෙන් පසුවන අය හඳුන්වන්නේ රටක් නැති පිරිසක් ලෙසයි. එහෙත් ඔහුගේ පැවැත්මේ වගකීම පැවරෙන්නේ ඔහුට සරණාගත තත්ත්වය ප්‍රදානය කළ රටටයි.

එම පුද්ගලයා ශ්‍රී ලංකා රජයේ අධීක්ෂණයෙන් හා වගකීමෙන් මිදෙන්නේ වසර 2011 දීයි.

මේ අපරාධය සිදු වුණු පසු එම අපරාධ කාරයාගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන කතා කිරීමෙන් පලක් නැත. නවසීලන්ත රජය ඔහුගේ සැබෑ අනන්‍යතාවය එනම් ඉස්ලාම් අන්තවාදීයෙක් බව ප්‍රකාශ කිරීමට බලධරයින්ට හෝ මාධ්‍ය වලට ඉඩ නොදී, ඔහු ශ්‍රී ලාංකිකයෙක් බව කීමෙන් නවසීලන්තය රාජතාන්ත්‍රික සදාචාරය උල්ළංඝනය කර ඇත.

එරට අගමැතිනිය කියන්නේ මේ සිදුවීම පිටුපස ආගමික හෝ වෙනත් සංවිධානයක සම්බන්ධයක් නොපෙනෙන බවයි.

ඒ කතාව කිසිසේත්ම පිළිගැනීමට නොහැකි වන්නේ මෙම පුද්ගලයා හා ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායම් අතර ඇති කිසියම් සම්බන්ධතාවයක් පිළිබඳව තොරතුරු නවසීලන්ත බුද්ධි අංශයට ලැබී තිබුණු අතර ඔහුගේ චර්යාව පිළිබඳව පොලිසිය සෝදිසියෙන් සිටිය නිසයි.

ඔහු පිළිබඳව පොලිසිය දැනගෙන සිටි තොරතුරු හා ඒ පසුබිම වසන් කිරීමට අගමැතිනිය දරන උත්සහාය අතර ඇත්තේ පරස්පර විරෝධී බවක්.

සියළුම කුණු බේරෙට කිව්වා සේම ශ්‍රී ලංකාව හැර ගොස් දියුණු රටවල් වල සරණාගතභාවය ලබාගත් ශ්‍රී ලාංකික සුළු ජන කොටස් වල පුද්ගලයින් ඒ රටවල් වල කරන හොරකම් අපරාධ වංචා ඔවුන් හැමදාම බැර කළේ ශ්‍රී ලංකාවේ ගිණුමටයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 76.4ක් සිංහලයින් වෙති.

මේ සියලුම කුණු කන්දල් තමන් වෙත පවරා ගනිමින් සිංහලයා මේ ගෙවමින් සිටින්නේ පූරුවේ කළ පාප කර්මයක්.

මේ සියලුම තක්කඩින් පෝෂණය වූයේ බහුවාර්ගික බහු ආගමික බහු සංස්කෘතික පදනමක් තුළයි.

සිංහල බෞද්ධයාට ඒ පිළිබඳව කතා කිරීමට දෙයක් ඉතිරිව නැත.

බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම උත්සාහ කළේ තම ඡන්ද පදනම රැකගැනීම සඳහා සුළු වාර්ගික කොටස් නැළවීමයි.

ඒවායේ විපාකය හැම සුළු ජන කොට්ඨාශයකටම අයත් අහිංසක නිවැරදි ජනතාවට අත්විඳීමට සිදුව ඇත.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More