දේශීය පුවත්

මාතර, වරකාපිටිය ප්‍රදේශයේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන අමිල ප්‍රසත්න හෙට්ටිහේවා නොහොත් ” සත්වයින් සුද්දා” නමැත්තා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වී ඇති බව වාර්තා වෙයි.

අද දහවල් 11.55 ට පමණ මාතර කොටපොල පොලිස් බල ප්‍රදේශයේ වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු මොහුට වෙඩිතබා ඇති බව ද ඹහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

සන්ෂයින් සුද්දා සිය අනියම් බිරිය මුණ ගැසී ගමන් කරමින් සිටියදී එම මෝටර් රථයේ රථ දෙකක් ගැටීමට සලස්වා අනතුරුව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් ටී 56 අවියකින් වෙඩි තබා ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.

ඔහු 31 හැවිරිදි මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අමිල ප්‍රසන්න මා කදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන අතර දකුණු පළාතේ සිදු වූ මත්ද්‍රව්‍ය, ජාවාරම් රැසකට මොහු සම්බන්ධ බවද පොලිසිය සඳහන් කළේය.

වැලිගම පිහිටි සන්ශයින් හෝටලයේ හිමිකරු වන සන්ෂයින් සුද්දාට ධීවර යාත්‍රා 20 කට වැඩි ප්‍රමාණයක හිමිකම් ඇතැයි බුද්ධි අංශ පසුගිය දින වල රැස්කරගත් තොරතුරු වල සඳහන්ය. මාකදුරේ මධුෂ්ගේ මෙරට දේපොල රැසක් නඩත්තු කළේ යැයි කියැවෙන්නේ සන්ෂයින් සුද්දා බැවින් බුද්ධි අංශ කාලයක් තිස්සේ ඔහු පසුපස පන්නමික් සිට තිබේ.

මාකදුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට ගොස් ඩුබායි පොලිස් අත්අඩංගුවට ද පත්විය. මෙරටට පිටුවහල් කර බන්ධනාගාරගතව සිටි ඔහු ඇප ලැබීමෙන් අනතුරුව 2020 වසරේ මැයි 30 වෙනිදා වැලිගම ධීවර වරාය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්විය.

එහිදී අතකට වෙඩි වැදී ඔහු දිවි බේරා ගන්නා අතර පසුව හෙළිවන්නේ ඒ වන විට ඉන්දියාවේ රැදී සිටි අංගොඩ ලොක්කාගේ සැළසුමකට අනුව හරක් කටා සහ අතුරුගිරියෙන් වැලිගමට පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකල බවයි

එම වෙඩි තැබීමෙන් පසු සන්ශයින් සුද්දාගේ ගෝල බාලයින් හරක් කටාව සොයන්නට ගැනීමත් සමඟ ඔහු ඩුබායි රටට පළා ගිය අතර මේ වන විට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ කිරිකව සිටින හරක් කටාට අයත් මත්කුඩු ජාලය බිද වැටෙමින් ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැලිගම සහ මිදිගම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට මහා පරිමාණයේ මෙහෙයුම් දියත්කරන බැවින් හරක් කටාගේ ගෝල බාලයින් මත්කුඩු සමග වැඩි වශයෙන් කොටු වන බව සදහන්ය. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම හා හරක් කටාගේ මත්කුඩු ජාලය බිද වැටීම අතර යම් සම්බන්ධයක් ඇතැයි ඒ අනුව බුද්ධි අංශ තුළ සැකයක් මේ වන විට ගොඩ නැගී ඇත. දැනට විශ්වාස කරන්නේ හරක් කටාගේ වෙඩිල්ලක් සන්ෂයින් සුද්දාට මරණය ගෙන දුන් බවයි.

කෙසේ වෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මොහුට එරෙහිව මේ වන විටත් ඩුබායිහි අධිකරණයක මෙන්ම මාතර කොටවිල අධිකරණයේදී නඩු විභාග වෙමින් තිබෙන බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More