දේශීය පුවත්

දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.

ඒ, 2000 අංක 07 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේයි.

තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මඟින්, එක්සත් රාජධානිය තුළ LTTE සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා LTTE පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද LTTE සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතිනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More