බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී අත්අඩංගුව ගෙන ඇති අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දී ය.
මොවුන් දෙදෙනා මුදල් ඉපයීම සඳහා කලක් තිස්සේම අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබිණි.
ඔවුනගේ අරමුණ වී තිබෙන්නේ ඇමරිකානු අසභ්‍ය වීඩියෝ වෙබ් අඩවි කිහිපයක් සඳහා අදාළ වීඩියෝ ක්ලිප් නිෂ්පාදනය කර උඩුගත කිරීමය.
මෙවැනි උඩුගත කිරීම්වලට එකී වෙබ් අඩවි ඔවුනට මුදල් ගෙවන අතර එලෙස ගෙවන්නේ වීඩියෝවට ලැබෙන නැරඹුම් වාර ගණන අනුවය.
ඒ නිසා මෙම විඩියෝ ක්ලිප් ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළද යම් ඇවිස්සීමක් ඇති කිරීමට ඔවුන් උනන්දු වී ඇති අතර එලෙස ප්‍රසිද්ධ කිරීම මගින් වැඩි නැරඹුම් ලබාගැනීම අරමුණවී ඇතැයි සඳහන්ය.
මේ ආකාරයේ වීඩියෝ ගණනාවක්ම මෙකී යුවළ විසින් මින් ඉහතත් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර එකක් මීමුරේ පදනම් කරගෙන රූගත කර තිබුණි.
නමුත් වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ පහන්තුඩාව වීඩියෝවටය.
මේවාට ප්‍රවර්ධන වීඩියෝ කොටස් උඩුගත කිරීමට යොදාගෙන ඇත්තේ මෙකී කාන්තාවට අයත් ගිණුමකින් වන අතර ඇය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු සොයාගන්නට එම සම්බන්ධය ද උපකාරයක්වී ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...