ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ සීනි තොග සඟවා ගෙන තිබියදී සොයා ගන්නා ලද සෑම ගබඩාවකට ම විපක්ෂයේ සම්බන්ධයක් ඇති බවයි.
එහිදී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරන්නේ හිටපු ඇමතිවරයෙක්ගේ, විපක්ෂයේ සිටින කවුරුන් කාගේ හෝ හිතවතෙක්, විපක්ෂයේ දේශපාලන පක්‍ෂයක අයෙක් ආදී ලෙස එසේ තොරතුරු හෙළිවී ඇති බවයි.
ඒ අනුව සීනි මිල වැඩිකිරීම සඳහා ඉතාම කාලකන්නි ලෙස කටයුතු කර ඇත්තේ විපක්ෂයේ පිරිස් විසින් බවත් හෙළි වී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසා සිටී.
සීනි සඟවාගෙන සිටියදී සොයාගන්නා ලද එක් ගබඩාවක් විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට අයත් එකක් බව ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...