අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු – විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කරමින් පවසා සිටින්නේ මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරණ ලෙසයි.
එහිදී උන්වහන්සේලා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය මැද වුවද රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් රට තුළ පවතින තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරන ලෙසයි.
ඒ අනුව රජය මේ මොහොතේ ඉදිරිපත් කර තිබෙන විසඳුමට යම් ප්‍රමාණයකට හෝ නම්‍යශීලී වී දරුවන් ගැන සිතා අධ්‍යාපන කටයුතු යළි සිදුකරගෙන යන ලෙස උන්වහන්සේලා වැඩිදුරටත් ඉල්ලා සිටිති.
කෙසේ වුවද, වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ, චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට සුදානම් බව ගුරු – විදුහල්පති වෘත්තිය සංගම් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...