දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුමට ඊයේ (02) සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ සමකාලින සියලු බලවේග සමග එක්වී රට දිනවීම සඳහා සූදානමින් සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා
“එල් ටී ටී ඊ ත්‍රස්තවාදයෙන් අත්මිදී වසර 10කට ඇවෑමෙන්, ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීගේ බිහිසුණු සිදුවීමක් සිදුවුණා. එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ද එම ප්‍රහාරයෙන් පසු උද්ගතවූ දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින්ම දැනුවත්. අභියෝග, මඩගැසීම්, නින්දා, අපහාස, තාවකාලික පසුබෑම් ආදිය ඕනම පක්ෂයකට පොදු කරුණු. සියලු බලවේග සමග දැය දිනවන්න සූදානමින් සිටින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසුවේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More