බොහෝ සෞඛ්‍යය වැඩසටහන් වලට පෙනී සිටින පුෂ්පා රම්‍යානි සොයිසා නම් හෙද සොහොයුරිය යොදා ගනිමින් එක්තරා පෞද්ගලික රෝහලක් “කොරෝනා ගරානාවක්” කර ගැනීම සඳහා රූපවාහිනී දැන්වීම් පල කරන ආකාරය මේ දිනවල දක්නට ලැබේ. එම දැන්වීම මගින් පුෂ්පා රම්‍යානි හෙදි සොයුරිය ලවා කොරෝනාවෙන් ගැලවී සිටීමට අනාගතයේදී කොරෝනාව වැළඳීමෙන් ගැලවීමට පෙනහළු පරීක්ෂා කරගන්නා ලෙස පවසයි.
එය වෛද්‍යය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව වෛද්‍යය වෘත්තිකයෝ පෙන්වා දෙති.එම වෛද්‍යය වෘත්තිකයෝ පවසන්නේ එම හෙදි සොහොයුරිය ඒ බව නොදැන පෞද්ගලික රෝහල් උගුලේ පැටලී තිබුණද ඇයට නීතියෙන් ගැලවීමක් නොලැබෙන බවයි.
ඇය කර ඇති වරද වෛද්‍යය සභාවේ ඇයගේ හෙද ලියා පදිංචිය පවා අත්හිටුවීමට තරම් බරපතල වරදක් බව එම වෛද්‍යය වෘත්තිකයෝ පවසති. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සංකූලතා ඇති වීම වැලැක්වීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සුළු හෝ දැනුවත් කිරීමක් කිරීමට නොපෙළෙඹෙන පෞද්ගලික රෝහල් මෙලෙස අසරණ රෝගීන් ගසා කෑමට පෙළඹීම හෙලා දකින බවද ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...