දේශීය පුවත්

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

නමුත් එම සමාව ලබා දීමට පෙර තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතු බවට කොන්දේසියක් ලබා දීමට නියමිත බවද වාර්තා වේ.

රන්ජන් රාමනායකට සමාව ලබා දීමට පියවර ගන්නා ලෙස විද්වතුන්, සිවිල් පුරවැසියන් නළු නිළියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ද ඊයේ (01) ජනාධිපතිවරයාට දෙවැනි වරටත් ඉල්ලීමක් කලේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4කට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා දී දැනට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයයේ රදවා සිටින අතර තවත් දින කිහිපයකින් ඔහුට ජනපති සමාව අදාල කොන්දේසි යටතේ හිමිවනු ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More