1. 2020 ඔක්තෝබර් මාසයේදී (2020 / 10/14) ඒ වන විට සීනි වලට පනවා තිබූ රුපියල් 50ක ආනයන බද්ද සත 25 දක්වා එනම් රු.49.75 කින් අඩු කරනු ලැබීය.
2. බදු සහනය ලබා දෙන විට වරායේ ගුදම් වල (බදු ගෙවීම්ට පෙර) සීනි මෙ.ටො 8000ක් තිබූ අතර බදු සහන ලබා දී සති දෙකක් ඇතුළත සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් පමණ වරායෙන් නිදහස් කරගනු ලැබීය. ඒ අනුව ආනයනකරුවන් තමාට බදු සහනයක් ලැබෙන බව දැන සිටි බව ඉතා පැහැදිලිය. (මහබැංකු බැඳුම්කර වංචාවෙන් නඩු නිමිත්ත ඇතිවන්නේ තොරතුරු ලබාදීම මගින් යම් පාර්ශ්වයකට වාසි සැලසීමය).
3. ශ්‍රී ලංකාවට මහා පරිමාණ, මධ්‍යම සහ කුඩා වශයෙන් සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් 9ක් ඇති අතර ඒ අතරින් ප්‍රමුඛතම සමාගමක් වන්නේ Pyramid Willmar සමාගම වන අතර එම සමාගම වියත්මග සංවිධානය ප්‍රධාන අනුග්‍රාහකයෙකි.
4. ඉහත බදු සහනය ලබා දීමෙන් පසුව මාස 8ක් ඇතුළත රට තුළට ආනයනය කළ මුළු සීනි තොගය මෙට්‍රික් ටොන් 584,000කි. එම ප්‍රමාණය රටේ වාර්ෂික අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 500000 ඉක්මවා යන අතර පාරිභෝගික අධිකාරියට අනුව ඒ වන විට රටේ මෙ.ටො 84000ක සීනී තොගයක් තිබුණි.
5. ඒ අනුව සීනි බදු සහනය මගින් එම සමාගම් වලට ලැබුණු අතිරික්ත ලාභය රුපියල් මිලියන 29000කි. ( එනම් භාණ්ඩාගාරයට හෙවත් පොදු මහා මහජනයාට අහිමි වූ මුදල)
6. එසේ බදු සහන ලබා දෙන අවස්ථාවේ දී එනම් 2020 ඔක්තෝබර් මාසයේදී ලෝක වෙළෙඳ පොළේ සීනි මිල පැවතියේ කිලෝග්‍රෑම් එකකට ඩොලර් ශත 30 ක මට්ටමක ය. අද වනවිට එය ඩොලර් ශත 40 දක්වා ඉහළ ගොස් ඇත.
7. එදා බදු සහන දෙන අවස්ථාවේ දී ඉන්දියාවේ සීනි අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5 කින් ඉහළ ගොස් තිබූ අතර ඉන්දියාවේ සීනි අපනයනයකරුවන්ට සහ අන් රටවලින් ඉන්දියාවේ සීනි ආනයනකරුවන්ට ඉන්දියාව විවිධ දිරිගැන්වීම් ලබා දුනි. ඒ නිසා බදු සහන මගින් අප රටේ ආනයනකරුවන් දිරිගැන්වීමේ අවශ්‍යතාවයක් නොතිබුණි.
8. බදු සහන ලබා දීමෙන් පසුව රුපියල් 135 – 145 අතර පැවති සිල්ලර මිල රුපියල් 105 දක්වා අඩු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු විය. රු.49.75 ක සහන ලබා දී රුපියල් 30- 40 අතර මිල අඩු වීමක් බලාපොරොත්තු වීම නිසා එම මිල අඩු කළ ද ආනයන කරුවන්ට කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක පමණ අයුතු ලාභයක් ලැබේ.
9. ඉන්පසුව එම සමාගම් මිල අඩු නොකළ නිසා ස.තො.ස විසින් එම සමාගම් වලින් වැඩි මිලට සීනි මිල දී ගෙන අඩු මිලට සීනි විකිණීම නිසා සතොසට රුපියල් මිලියන 3000ක පමණ පාඩු සිදු වූ බව වාර්තා විය. (සීනි බදු සහනය සඳහා රජයට යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ වියත්මග සංවිධානය ප්‍රබල ආධාරකරුවෙකු වූ සතොස සභාපති නුෂාඩ් පෙරේරා විසින් බවට චෝදනා එල්ල විය. පසුව ඔහු එම තනතුරෙන් ඉවත් කොට ඔහුට ඊට වඩා සමාගම් වලට උදව් කළ හැකි තනතුරක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිකම ලබාදුනි).
10. අවසානයේදී මෙම සීනි ආනයනයකරුවන් විසින් රුපියල් 105 දක්වා මිල අඩු කිරීම වෙනුවට මිල රුපියල් 205 – 210 දක්වා වැඩි කරනු ලැබූ අතර ලියාපදිංචි නොකල ගබඩාවල පවා සීනි සඟවා තබා ගනු ලැබීය. එසේ නීතිවිරෝධීව ගබඩා කළ සීනි මෙට්‍රික් ටොන් 29000ක් පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා ඇත.
දැන් එම සීනි තොගය ස.තො.ස හරහා බෙදා හැරීමට සහ අයිතිකරුවන්ට වටිනාකම ගෙවීමට නව අත්‍යවශ්‍ය කොමසාරිස් තීරණයක් කර ඇත. (එසේ සීනි හොර රහසේ ගබඩාකළ සමාගම් අතර Pyramid Willmar සමාගම ද සිටියි.)
11. නීති විරෝධීව ගබඩා කර අත්අඩංගුවට ගත් ප්‍රමාණය රටට ආනයනය කළ සීනි ප්‍රමාණයෙන් 5% කි. එසේනම් දැන් කළ යුත්තේ හදිසි නීතිය පනවා හොර සීනි අත්අඩංගුවට ගැනීමට වඩා නිත්‍යානුකූලව ගබඩා කර ඇති සීනි පාලන මිලට විකුණන ලෙස දැන්වීමය.
12. එම නියෝග නොතකා ආනයනකරුවන් හෙවත් තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන් කටයුතු නොකරන්නේ නම් නව නීති හෝ හදිසි නීති රෙගුලාසි වෙනුවට පවතින නීතිමය තත්වය යටතේ ක්‍රියාමාර්ග රාශියක් ගත හැක. ඒවා නම්,
I. සාමාන්‍ය අවස්ථාවක පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන අවස්ථාවල සිදු කරන ආකාරයට අධිකරණයට ඉදිරිපත් කිරීම.
II. ආනයනකරුවන් හෙවත් තොග වෙලදුන් අසාදු ලේඛන ගත කිරීම සහ ඔවුන්ට අවමන් කිරීම
III. ආනයන අපනයන පාලන පනත යටතේ ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදී අසාදු ලේඛනගත කළ අයව බලපත්‍ර නොගත් බව ප්‍රකාශ කිරීම් මගින් ඔවුන්ට මානසික බලපෑමක් ඇති කිරීම
13. ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් ; Pyramid Willmar,Global Trading,Wilson Trading,R.G. Brothers,S.V.J. Traders,Amro Sugars,Lanka Sugars,Anbu Brothers සහ Nestle Lanka.
ඇමුණුම අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...