කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ(01) නියෝග කරණු ලැබුවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
එම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු ද ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණ නියෝග නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයට ඊයෙ (01) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හත් දෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට පෙනී සිටියහ.
මෙම සිද්ධියේ හත්වැනි සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සදහා දිනයක් ලබා දෙන ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ එන්. එම්. සහීඩ් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වන සැලකිරිම් ඉදිරිපත් කිරිම සදහා ලබන 15 වැනිදා අධිකරණය හමුවේ යළි නඩුව කැදවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කරමින් සැකකරුවන් එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...