දේශීය පුවත්

අත්‍යාවශ්‍යය ජනරාල්වරයා විසින් රජය භාරයට ගත් සීනි බෙදාහැරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව පසුගිය දින කිහිපය පුරා සිදුකළ වැටලීම්වලින් සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් රජයේ භාරයට ගෙන ඇත.

රජයේ භාරයට ගත් එම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවද එම නිවේදනය මගින් කියවේ.

මාධ්‍යය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබූ බවත් එදින රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878ක් බවත්ය.

ශ්‍රී ලංකාවේ මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 35,000ක් පමණ වන බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, 2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව අවධාරණය කරන බවද එම නිවේදනය වැඩිදුරටත් පවසා සිටී.

ඒ අනුව ජනාධිපති මාධ්‍යය අංශය නිකුත් කළ මාධ්‍යය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගැනීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරණ බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More