දේශීය පුවත්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා පවසා සිටින්නේ බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බවයි.

එහේ රජයේ භාරයට යවනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට ඊයේ (1) බෙදා හැරි බවද අත්‍යයවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සතොසට සහ සමූපකාර වලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බවද නිවුන්හැල්ල මහතා අනාවරණය කළ අතර රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේවන විට අරඹා ඇතැයිද පවසා සිටියේය.

මෙම සීනි තොග සීදූව ,කැලණිය, වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහක තිබියදී සොයාගනු ලැබු බවද එතුමා අනාවරණය කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තැබූ බවද පවසා සිටියේය.

සීනි තොග සඟවා තැබූ ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයි පැවසූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More