සීනි මිල ප්‍රශ්නය මුල් කරගෙන හදිසි නීතිය යටතේ මිල පාලනය කිරීමට උත්සහා කිරීම සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින්, “සීනි කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 49.75ක බදු සහනයක් ලබා දුන්නේ වියත් මග සංවිධානයට මුදල් දුන් ප්‍රධාන පෙලේ සීනි ජාවාරම්කරුවෙකුගේ ඉල්ලීම නිසා බව සැඟවිය නොහැකියි.ඒ වන විට කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 135ත් 145ත් අතර තිබූ සීනි මිල රුපියල් 105 දක්වා අඩුකරණ ලෙස ඉල්ලා ආනයනයකරුවන්ට බදු අඩුවීමට වඩා වැඩි බදු සහනයක් ලබා දුන්නා. ඒ මගින් රජයට වසරකදී රුපියල් මිලියන 25,000ක බදු ආදායමක් අහිමි කළා.ඒත් වියත් මග ජාවාරම්කරුවන් ඒ බදු මුදල සාක්කුවේ දමා ගෙන කිලෝ ග්‍රෑම් එකකට තවත් රුපියල් 100ක ලාභයක් ලබා ගන්න සීනි මිල රුපියල් 205 ත් 210ත් දක්වා වැඩි කළා.ඔවුන්ට දඬුවම් කරන්න තියෙන නීති මදි නම් තම ගජ මිතුරන්ට රටත් ආණ්ඩුවත් අමාරුවේ වැටෙන මෙවැනි දේවල් මේ දුෂ්කර මොහොතේ කරන්න එපා කියා ඉල්ලුවානම් ඉවරයි.එහෙම වූවා නම් හදිසි නීතිය දාන්න වෙන්නේ නැහැ.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...