හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් දොඩන්දූව ප්‍රදේශයේ පැවැත්වූ එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබානොදී එන්නත ලබාගත් බවට ජනතාවගේ කාඩ්පත්වල සලකුණු කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය විය.
එය අනාවරණය වූයේ එම ස්ථානයේ තරුණයෙක් එම සිදුවීම මාධ්‍යට හෙළිකිරීම හේතුවෙනි.
කෙසේවෙතත් අදාළ අනාවරණය සිදුකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (31) ගාල්ල පොලිස් ස්ථානයට කැඳවීමක් කර තිබූණි.
ඒ අනුව, ඔහු නීතිඥවරුන් පිරිසක්ද සමග එහි පැමිණ ඇත.
මේ අතර, ජාතික අක්ෂි රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් හා උපස්ථායකවරුන් අද (31) පැය කිහිපයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
ඒ එම රෝහලේ එන්නත්කරණ වැඩපිළිවෙළේ අක්‍රමිකතා හෙළිකිරීම නිසා ඇතැම් සේවකයින්ට ස්ථානමාරු ලබාදීමට බලධාරීන් පියවරගෙන ඇතැයි චෝදනා කරමිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...