දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දෙරණ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් කොවිඩ්19 වෛරසය ආසාදිතයින් අඩුවනු ඇති බවයි.

කෙසේ වුවද ආසාදිතයන් අඩුවී මරණ අඩු වීමට එතැන් සිට තවත් සති දෙකක් ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බවද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “ඔක්තෝබර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වෙන්න පුළුවන්.එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගෙන සිටීවි.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More