ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කරණු ලැබුවේ ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණ ප්‍රතික්ෂේප කරන බවයි.
එහිදී වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියේ වෘත්තීය සමිති විසින් ලබා දුන් යෝජනා කිසිවක් සැලකිල්ලට නොගෙන කැබිනට් අනු කාරක සභාවේ යෝජනාද ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අපොහොසත් වී ඇති බවයි.
එම වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියේ රු. 5000කට මෙම අරගලය ලඝු නොකරන බවත් කිසිම ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් මෙම රු. 5000 දීමනාව භාර නොගන්නා බවත් එම මුදල කොවිඩ් මර්දනයට තබා ගන්නා ලෙසත්ය. ඒ අනුව තවදුරටත් මෙම ප්‍රශ්නයට ඉදිරියට ගෙන නොයමින් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් මෙය විසඳන ලෙසත් වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කළහ.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙතෙක් කාලයක් ශක්තිමත්ව මෙම අරගලය සිදුකළේ රු. 5000කට එය ලඝු කිරීමට නොවන බවත් ගුරු සේවයේ ගුණාත්මකභාවය මෙන්ම ගරුත්වය ද සැලකිල්ලට ගෙන බවත්ය.
ඒ අනුව නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය ප්‍රතික්ෂේප කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද අදහස් දක්වමින් පවසා සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති රු. 5000 කැරට් අලයට හසු නොවන බවයි. ඉල්ලීම් කර ඇති පරිදි කැබිනට් අනුකාරක සභාවද එකඟ වූ පරිදි සුබෝධිනී කමිටු වාර්තාව පදනම්ව මෙම ගැටලුව විසඳන ලෙස අවධාරණය කළේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ රු.5000කට මෙම සටන පවනොදෙන බවයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඇමතිවරයාට ලබා දුන් යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර නොමැති බව ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය.
වෘත්තීය සමිති විසින් නම්‍යශීලි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන හෙයින් එයට අනුව මෙම ප්‍රශ්නය විසඳන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.
ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ඇතුළු තවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් රැසක්ද එම මාධ්‍යය හමුවේදී අදහස් දක්වනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...