දේශීය පුවත්

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකාරක සභාව ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් මේ අනුව වසර 24 ක් තිස්සේ පැවති ඉහත ගැටළුව මාස 06 තුළ විසඳීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් අනු කමිටු සාමාජික කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සියලු නිර්දේශ මෙසේ මාස 06 තුළ ක්‍රියාත්මක වන අතර ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. තවද අනුකාරක සභාව විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන්, 2022 අය-වැය යෝජනාවක් මගින් අදියරගතව ‍ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය ඊයේ තීන්දු කර තිබෙන බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එසේම 2021 සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරිවල නිරත වන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5000/- ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම ද අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ මේ සම්බන්ධ තීරණ අතර වන බව දඅමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More