දේශීය පුවත්

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ඊයේ (30) වැඩ භාරගත්තේ ය.

ධුරයේ වැඩ භාරගැනීමේ පසු මහ කොමසාරිස්වරයා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලය ඇමතූ අතර ශ්‍රී ලංකාවේ අභිලාෂ සහ ශ්‍රී ලංකාව – ඉන්දියාව අතර සම්බන්ධතා ඉහළ මානයකට ගෙන යෑම සඳහා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.

මෙම රැස්වීමේදී මිලින්ද මොරගොඩ මහතා සිය නිල ප්‍රතිපත්ති රාමුව ද ප්‍රකාශයට පත් කළේ ය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මෙහෙයුම මඟින් 2021/2023 කාලයේ දී මෙරට උපායමාර්ග ක්‍රියාත්මක කිරීම යන අදහස ඇතිව “ඉන්ටග්‍රේටඩ් කන්ට්‍රි ස්ට්‍රැටර්ජි ෆෝ ද ශ්‍රී ලංකා ඩිප්ලෝමටික් මිෂන්ස් ඉන් ඉන්දියා 2021/2023” යනුවෙන් එම උපායමාර්ගය නම් කර ඇත.

ඉදිරි වසර දෙකක කාලය සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති රාමුව ක්‍රමක්දැයි මෙමඟින් පැහැදිලි කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More