දේශීය පුවත්

 කෘතිම සීනි හිඟයක් නිර්මාණය කිරීමත් සමඟ තවදුරටත් වෙළෙඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ සීනි අලෙවිකරමින් පවතී.

ඒ අනුව බොහෝ අලෙවිසැල්වල රුපියල් 200ත් – 230ත් අතර මිල ගණන් යටතේ සීනි අලෙවි කරන ආකාරය තවමත් දක්නට ලැබෙයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළෙඳසැල්වල අලෙවියට සීනි නොමැති බවද වාර්තා වන අතර ඇතැම් සතොස ශාඛාවල ද සීනි නොමැති අයුරුත් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් රට තුළ පවතින සීනි හිඟයට පිළියමක් ලෙස ලංකා සීනි සමාගම විසින් මේ වනවිට සීනි ටොන් 1,750ක් සතොස සහ සමූපකාර වෙත නිකුත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ සතොස සහ සමූපකාර හරහා ලබන බදාදා වන විට හිඟයකින් තොරව ජනතාවට සීනි ලබාදිය හැකිවනු ඇති බවය.

හෙට (31) දිනය තුළ තවත් සීනි ටොන් 600ක් ගල්ඔය සීනි සමාගමෙන් ලබාදීමට කටයුතු කරන බවද විෂයභාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ බොහෝමයක සතොස අලෙවිසැල්වල දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක මිලකට ජනතාවට අලෙවි කිරීමට කටයුතු සලසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More