දේශීය පුවත්

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (30 දා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව පවසයි.

විපක්‍ෂ නායකවරයා නිකුත් කරන ලද නිවේදනය පහතින්.

පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පී.සී.ආර්. පරීක්‍ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 2,000 ක් ලෙසත් නියමකොට ඇත. එහෙත් මේ ගැසට් නිවේදනය මගින් තහවුරුකොට ඇත්තේ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවන් තුළ පවතින බරපතළ මාෆියාවය. එමෙන්ම එය කොරෝනා ව්‍යසනය තුළින් ද ගජ මිතුරන්ට ව්‍යාපාර කිරීම උදෙසා පසුබිම සකසාදීමෙහි රංගනයකි.

රුපියල් අසූවක් පමණ මිල වන රැපිඩ් ඇන්ටිජන් මෙවලමකින් රුපියල් 2000-2500 අතර මුදලක් පෞද්ගලික රෝහල් විසින් අයකරන අතර සත්‍ය වශයෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවක් රු. 600 ක මිලකටත්, පී.සී.ආර්. පරීක්‍ෂණයක් රුපියල් 2000 කටත් කළ හැකිව තිබේ. ජනතාව ගැන සිතා යැයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහමුලින්ම පුස්සක් වන අතර අදාළ ගැසට් නිවේදනය තුළින් සහතික කොට ඇත්තේ පවත්නා ඖෂධ වෙළෙඳ මාෆියාව සාධාරණ යැයි කියාය.

ඇන්ටිජන් කට්ටල ගෙන්වීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබාදී ජනතාවට සහනදායී මිලට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට පැවරී ඇති අත් නොහැරිය යුතු වගකීමක් වුවත් එකී වගකීමෙන් අදාළ ආයතනය අත්දෙක පිසදමා ගෙන ඇත්තේ තෝරාගත් ආයතනයකට ඖෂධ ඒකාධිකාරිය පවත්වාගෙන යන්නට ඉඩ ලබාදෙමිනි. මේ බරපතළ ව්‍යසනකාරී මොහොතේ අතිශය පිළිකුල්සහගත සහ සාහසික මට්ටමේ ඖෂධ වංචාවක් මෙරට තුළ කි‍්‍රයාත්මක වන අතර තම රජ මිතුරන්ට සහන සැලසීමේ තවත් එක් වරදානයක් ලබාදීමක් නිසා ආණ්ඩුව මේ පිළිබඳව නෑසූකන්ව බලා සිටී.

කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණවී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත හිලව්වට තබමින් මෙවන් ගෝති‍්‍රක පන්නයේ මාෆියාවන් ගොඩනැඟීමට ආයතනවලට අවසර ලබාදෙන ආණ්ඩුව ජනතාවගේ නින්දාවට පාත‍්‍රවී ඇති අතර මෙතරම් නින්දාසහගත අපරාධයන් සිදුකිරීමට ඉඩ හසර ලබාදීම පිළිබඳව අප අපගේ පිළිකුල සහ විරෝධය පළකර සිටිමු.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම අහඹුවක් නොවන අතර මේ පවත්නා ඖෂධ මාෆියාවත් අදාළ ඒකාධිකාරී ආයතනික කි‍්‍රයාවලියත් ඖෂධ නියාමන අධිකාරියත් අතර සිදුව ඇති කුමන්ත‍්‍රයක්ය යන්න බැහැර කළ නොහැකි මතයකි. එබැවින් ඒ පිළිබඳව වහාම අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය.

‘ගසැට් රිවස් කිරීම’ සම්බන්ධව වර්තමාන ආණ්ඩුවට කූප‍්‍රකට ඉතිහාසයක් ඇති හෙයින් ජනතාව පිළිබඳව අංශූ මාත‍්‍රයක හැඟීමක් ඇත්නම් ආණ්ඩුව වහාම කළ යුත්තේ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂා සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය සංශෝධනය කොට ඇන්ටිජන් පරීක්‍ෂාවක් රු. 600 ක මිලකටත්, පී.සී.ආර්. පරීක්‍ෂණයක් රුපියල් 2000 කටත් කළ හැකි සීමාවට යටත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය.



5 thoughts on “ඇන්ටිජන් පරීක්‍ෂාවක් රු. 600 ක මිලකටත්, පී.සී.ආර්. පරීක්‍ෂණයක් රුපියල් 2000 කටත් සීමා කරන්න- විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස”

  1. අර කිවුව බෙහෙත් ටික ගෙනත් දුන්නා නම් හරි නේද ඔය කියවන එක අත ඇරලා

  2. Dannwema nah eh dattabwalata mko une kiyala.pau appa. Owa kiyanna kalin poddak hoyala baluwa nm neda hoda

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More